වරාගොඩ සෙරමික් හා රතුමැටි මධ්‍යස්ථානය ජනතා අයිතියට...(වීඩියෝ)

ඔක් 07, 2022
  • වරාගොඩ සෙරමික් හා රතුමැටි මධ්‍යස්ථානය නවීකරණයෙන් පසු යළි ජනතා අයිතියට පත් කෙරුණා.

    එහි පුහුණු කටයුතු සහ නිෂ්පාදන දැන් යළි ක්‍රියාත්මකයි. ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට කෙටි කාලීන හා දිගුකාලීන පාඨමාලා හැදෑරීමේ අවස්ථාව මෙමගින් උදා වනවා. වසර සියයකට වඩා පැරණි මෙම සෙරමික් මධ්‍යස්ථානය, දශක කිහිපයක් පුරා ගරා වැටී පැවතුණා. අතීතයේ මැටි ඉස්කෝලය ලෙස ප්‍රකටව පැවති මේ මධ්‍යස්ථානය තුළින් මැටි කර්මාන්තයේ නියැලෙන විශාල පිරිසකට පුහුණුව සැලසීමට හැකි වුණා. පසුව, වරාගොඩ සෙරමික් මධ්‍යස්ථාන යනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සෙරමික් පුහුණු ආයතනය ලෙස ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයට විෂයානු බද්ධ විශාල මෙහෙවරක් සිදු කර තිබෙනවා.

    අඩපණව පැවති මෙම මධ්‍යස්ථානය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මැදිහත්වීමෙන් නවීකරණයට පියවර ගත්තේ, ජාතික ශිල්ප සභාවයි. එය, යළි ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මීට සමගාමීව “ලක්ශිල්ප” ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම ද සිදු කෙරුණා.

    Latest News