නෙළුම් කුලුන ආශ්‍රීතව "බංගි ජම්පින්" ක්‍රීඩාව...

ඔක් 07, 2022

    නෙළුම් කුලුන ආශ්‍රීතව බංගි ජම්පින් ක්‍රීඩාව ආරම්භ කෙරෙනවා.

    එය ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බවයි, නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම පවසන්නේ. බංගි ජම්පින් ක්‍රීඩාව සංචාරක ව්‍යාපාරය ව්‍යාප්තව ඇති ලොව රටවල් රැසක ක්‍රියාත්මක ආකර්ශනීය ත්‍රාසජනක ක්‍රීඩාවක්.

    ශ්‍රී ලාංකිකයිනට නව්‍ය අත්දැකීමක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන බවයි, නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම පවසන්නේ. ඒ පිළිබඳ ගිවිසුමට අදාළ විදේශීය සමාගම සමග අද අත්සන් කෙරුණා. බංගි ජම්පින් ක්‍රීඩා සංවිධානයේ ලොවපුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50,000 කට අධික පිරිසක් ‍නෙළුම් කුලුනේ ක්‍රීඩා ව්‍යාපෘති සඳහා සහභාගීවීමට බලාපොරොත්තුවෙන් සිටින බව, මෙහිදී සඳහන් කළා.

    Last modified on සිකුරාදා, 07 ඔක්තෝබර් 2022 18:53

    Latest News