රටේ ස්ථාවරභව ඇති කිරීමට නිවැරදි තොරතුරු ලබාදීම ඉතා වැදගත්; ජනපති

ඔක් 07, 2022

    රටේ ස්ථාවරභව ඇති කිරීමට නිවැරදි තොරතුරු ලබාදීම ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ඒ සඳහා ඇති වගකීම ඉටු කරන ලෙසයි ජනාධිපතිවරයා සියළු මාධ්‍ය ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේ. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ. අද පැවති දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින්. රාජ්‍ය සන්නිවේදන යාන්ත්‍රණය පිළිබඳ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ආණ්ඩුකාරවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා පැවති මෙම අවස්ථාවට පෙර දැනුම් දිමකින් තොරව හදිසියේම ජනාධිපතිවරයා එක්වීම විශේෂත්වයක්.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගේ මග පෙන්වීමෙන් වැඩමුළුව සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරු හා ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ලංකාදීප ප්‍රධාන කතෘ සිරි රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News