2022 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය කල් දැමේ...

ඔක් 08, 2022

    2022 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

    සිසුන්ගෙන් හා මහජන නියෝජිතයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පුළුල් ලෙස සලකා බලා මෙම තීරණය ගත් බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. 2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 4 වැනි දින පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබූ අතර, එය දෙසැම්බර් 18 වැනි ඉරිදා දක්වා කල් දමා තිබෙනවා.  2022 අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් 5 වැනිදා සිට පැවැත්වීමට සැලසුම් කර තිබුණද, එය 2023 ජනවාරි 23 වැනි දින සිට පෙබරවාරි 17 දක්වා කල් දමා තිබෙනවා.    

    Latest News