මෙවර “ශයික් ෆහාඩ් හිරෝෂිමා” ආසියා ක්‍රීඩා වෛද්‍ය හා විද්‍යා සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට...

ඔක් 08, 2022

    2022 හත්වැනි ශයික් ෆහාඩ් හිරෝෂිමා ආසියා ක්‍රීඩා වෛද්‍ය හා විද්‍යා සම්මානය මෙවර වෛද්‍ය චතුරංග රණසිංහ මහතාට පිරිනමා තිබෙනවා. 

    ඒ පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඔහුට සුබපැතුම් එක් කළා.  ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ මහ සභා රැස්වීමේදී මෙම සම්මානය පිරිනැමුණා.  චතුරංග රණසිංහ මහතා ක්‍රීඩා සහ ව්‍යායාම වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්.   ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ක්‍රීඩා ව්‍යායාම වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයායි.  වෛද්‍ය චතුරංග රණසිංහ මහතා ශ්‍රී ලංකා ඔලිම්පික් වෛද්‍ය කමිටුවේ ද සාමාජිකයෙක්.  

    ආසියානු කලාපයේ ක්‍රීඩාවට විද්‍යාත්මක හා වෛද්‍ය දායකත්වය පිළිබඳ ජයග්‍රහණ අගැයීම සදහා මෙම ගෞරවනීය සම්මානය ආසියාවේ එක් විද්‍යාඥයෙකුට හෝ වෛද්‍යවරයෙකුට වසර 4 කට වරක් පිරිනමනු ලබනවා.  මෙම සම්මානය ප්‍රථම වරටයි ශ්‍රී ලාංකිකයෙකු විසින් දිනාගනු ලැබුවේ.   සම්මානලාභී වෛද්‍ය චතුරංග රණසිංහ මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සුභාශිංෂණ පිරිනැමුවා.  මෙම සම්මානය රටට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදෙන අතර, දේශීයව හා ජාත්‍යන්තරව ක්‍රීඩාව දියුණු කිරීමට උපකාරී වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි ජනාධිවරයා පවසන්නේ. 

    Latest News