“රජරට ඔඩිසි” අද (08) සිට...

ඔක් 08, 2022

    අනුරාධපුරය දක්වා සති අන්තයේ “රජරට ඔඩිසි” නමින් විශේෂ දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

    සංචාරකයින් සහ වන්දනාකරුවන්ගේ පහසුව සඳහා එම දුම්රිය ධාවනය එක් කෙරෙන බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.  එය, සෙනසුරාදා සහ ඉරිදා ධාවනයේ යෙදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එය අද (08) පෙරවරු 9.20ට කොළඹින් පිටත් වුණා. එම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්ව සිටියා. දුම්රිය පස්වරු 1.42කට අනුරාධපුරට ළඟාවීමට නියමිතයි. අනුරාධපුරෙන් පස්වරු 5.00ට පිටපත්වන දුම්රිය රාත්‍රී 9.14ට කොළඹ කොටුවට ළඟා වනවා. ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 2,500ක්. මැදිරි 10කින් යුත් එම දුම්රියේ සමස්ත ආසන සංඛ්‍යාව 480ක්. මේ අතර, කොළඹ -ඇල්ල සහ මහනුවර අතර මෙම විශේෂ දුම්රිය සති අන්තයේ ධාවනය කෙරෙනවා. ඉදිරියේදී කතරගම  වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ද බෙලිඅත්ත දක්වා දුම්රියක් ධාවනය කිරීමට නියමිතයි.

    Latest News