පරිසර අමාතශ්යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සහ මෙරට ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතා ගිවිසුමට අත්සන් තැබුවා. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන තානාපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. හරිතාගාර වායූ විමෝචනය අවම කිරීමේ අරමුණින් ද්වීපාර්ශ්වික යාන්ත්‍රණයක් ජපානය විසින් හඳුන්වා දෙනු ලැබුවේ 2013 වසරේදී.
ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය ලෙස එය නම් කෙරුණා. සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ ජපානය අතර, හරිතාගාර වායු විමෝචනය බෙදී යන පරිදි එය ක්‍රියාවට නැංවීම අරමුණයි. ඒ අනුව, රටවල් 17 ක් ආශ්‍රිතව යාන්ත්‍රණය ක්‍රියාත්මක වනු ඇති. අද අත්සන් කෙරුණේ, එහි ශ්‍රී ලංකාව හා සම්බන්ධ ගිවිසුමයි.
ගිවිසුමට අනුව, ජපන් රජය හෝ මෙරට පුද්ගලික අංශයේ තාක්ෂණික දායකත්වය මත කාබන් හර කිරීමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙනවා. ඒ, බලශක්ති, කර්මාන්ත, ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමණාකරනය සහ කෘෂිකර්මය යන ක්ෂේත්‍ර පදනම් කර ගෙනයි. 2016 දී ශ්‍රී ලංකාව අත්සන් කළ පැරිස් ගිවිසුමට අනුව, හරිතාගාර වායු විමෝචනය අඩු කළ යුතුයි. ජපන්-ශ්‍රී ලංකා ගිවිසුම මගින්, එම ඉලක්ක සපුරා ගැනීමටද දායක විය හැකියි. එය ක්‍රියාත්මක කිරීමේදී ඒකාබද්ධ කමිටුවක් පිහිටුවන අතර, එහි සම සභාපතිත්වය ශ්‍රී ලංකාවට සහ ජපානයට හිමි වනවා. ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබෙනවා.
ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.