රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි...

ඔක් 10, 2022

    රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අද (10) යළි ආරම්භ කළා. 

    ඒ අනුව, අද පෙරවරුවේ මෙරටට පැමිණි යානය පිළිගණු ලැබුවේ නිමල් සිරිපාල, හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින්. පසුගිය ජුනි මස 2 වැනිදා මෙරටට පැමිණි රුසියානු එරෝෆ්ලොට් යානය අධිකරණ නියෝගයක් මත යළි දිවයිනෙන් පිටත්ව යාම වළක්වාලීමත් සමග ඇතිවූ මතභේදය හේතුවෙන් එම ගුවන් සේවයේ යානා මෙරටට පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.   ඔක්තෝබර් මාසයේ දී සතියට දින දෙකක් සහ නොවැම්බර් මාසයේ සිට සතියකට ගමන් වාර 3 බැගින් ක්‍රියාත්මක කිරීමට එරෝෆ්ලොට් ගුවන් සමාගම එකඟවී තිබෙනවා.

    Latest News