රියදුරු බලපත්‍ර ගාස්තු ඉහළට

ඔක් 11, 2022

    රියදුරු බලපත්‍රයක් ලබාගැනීම හා ඊට අදාළ අනෙකුත් සේවා සඳහා මෙතෙක් පැවති ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඔක්තෝබර් 10වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. 

    ඒ අනුව, එක් රථ වාහන පන්තියක් සඳහා සාමාන්‍ය සේවය යටතේ රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 2,500ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.  එක් දින සේවය යටතේ එම බලපත්‍රය නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 3,500ක් බවයි, ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. 

    එකවර රථ වාහන පන්ති 03ක් හෝ කිහිපයක් සදහා සාමාන්‍ය පන්තිය යටතේ රුපියල් 3,500ක මුදලක් අයකෙරෙන අතර එක්දින සේවය සඳහා එම ගාස්තුව රුපියල් 4,500 දක්වා සංශෝධනය කර තිබෙනවා. 

    බලපත්‍රයක් අස්ථාන ගතවීම හේතුවෙන් ඉදිරි වලංගු කාලය සඳහා අනු පිටපතක් නිකුත් කිරීමට අය කෙරෙන මුදල රුපියල් 7,800ක්.  එක් දින සේවය යටතේ එම ගාස්තුව රුපියල් 9,000ක් බවයි, ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.    

    රියදුරු බලපත්‍රයට විස්තර වෙනස් කිරීම සඳහා සාමාන්‍ය සේවය යටතේ රුපියල් 3,300ක් ද එක්දින සේවය යටතේ රුපියල් 4,500ක් ද අයකෙරෙනු ඇති.   පවතින රියදුරු බලපත්‍රය අලුත් රියදුරු බලපත්‍රයක් බවට පරිවර්ථනය සඳහා රුපියල් 2,800 ක මුදලක් අයකෙරෙනවා. 

    එක් දින සේවය යටතේ එම ගාස්තුව රුපියල් 4,000ක්.  විදේශීය පුරවැසියෙකුට රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් 25,000ක් ද එක් දින සේවය යටතේ රුපියල් 30,000ක් ද අය කෙරෙනු ඇති. 

    ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 3,000ක් ලෙස සංශෝධනය කර ඇති බවයි, ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. 

    01

    02

    03

    Last modified on අඟහරුවාදා, 11 ඔක්තෝබර් 2022 11:42

    Latest News