මධ්‍යම කදුකරයට තද වැසි - නොර්වුඩ්වලට අයිස් වැසි

මාර් 18, 2019

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (18) පස්වරුවේ තද වැසි පතිත විය.

    අද පස්වරු 3.15 සිට පස්වරු 3.45 දක්වා බගවන්තලාව, නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවලට තද වැසි ඇති වු බවයි අප වාර්තාකරු පවසන්නේ.

    කාසල්රි ජලාශයට යාබදව පිහිටි නොර්වුඩ් නගර සිමාවේ ස්ථාන කිහිපයකට වර්ෂාවත් සමග අයිස් වැසි පතිත වු බව ප්‍රදේශවාසින් පවසන්නේ. කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මාස කිහිපයක් පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම පහල බැස තිබේ. ප්‍රදේශය පුරා ජල මුලාශ්‍ර සිදි යාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක්ද මතු වි ඇත.

    rain2 px 900 19 03 18

    rain2 px 900 19 03 18

    Latest News