තමා ඒ පිළිබඳ සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට අද (18) පෙරවරුවේ කොළඹ දී එක් වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2015 ජනවාරි 08 වනදා හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ තමාගේ මැතිවරණ ප්‍රකාශයේ ප්‍රධාන කරුණක් වූයේ අල්ලස හා දූෂණය තුරන් කිරීම බවයි. ඒ වෙනුවෙන් පසුගිය වසර 04 තුළ පියවර රැසක් ගත් අතර කිසිදු රජයක් නොගත් දැඩි තීන්දු තීරණ රැසක් ද ඒ අතර වන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
ඉතිහාසයේ සිදුවූ විශාලම මංකොල්ලය වූ මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ සොයා බැලීමට තමා පත් කළ ජනාධිපති කොමිෂම මේ රටේ ජනතාවගේ අවධානයට ලක් වූයේ කොමිෂන් සභා පිළිබඳ මෙතෙක් ජනතාව තුළ තිබූ අවිශ්වාසය සහ පසුගාමි අදහස් වෙනස් කරමින් බව ද ජනාධිපතිතුමා පැවසීය. එම පරික්ෂණ සිදුකරන නිලධාරින්ට විවිධ අභියෝග සහ ගැටලුවලට මුහුණදීමට සිදු වු බව සඳහන් කළ ජනාධිපතිතුමා ඇතැම්විට ඔවුන්ට විරුද්ධව පරික්ෂණ පැවැත්වීමට ද කටයුතු කළ අතර එය රාජ්‍ය පාලනය තුළ සිදුවූ දුර්වල අවස්ථාවක් ලෙස තමා සලකන බව කියා සිටියේ ය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ යහපත් රාජ්‍ය පාලන සංකල්පය තුළ රටක් ලෙස ඉදිරියට යාමට තිබෙන ප්‍රධානතම අභියෝගය වංචාව සහ දූෂණය නම් එය වැළැක්වීමට රටට ආදරය කරන සියලු පාර්ශ්වයන් එක්විය යුතු බවයි. බලය රැකගැනීම මිස රටේ සැබෑ තත්ත්වය පිළිබඳ කතා කරමින් ඒවාට විසඳුම් සෙවීමට කිසිවෙකු කටයුතු නොකරන අතර, එවන් තත්ත්වයක් තුළ කිසිවෙකු මේ පිළිබඳව විවෘතව කථා නොකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ අල්ලස හා දූෂණය මැඬලීම වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් දැනට රට තුළ ක්‍රියාත්මක වුව ද වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් පවතින බවයි. සුපිළිපන්න රාජ්‍ය සේවයක් තුළ වංචාවෙන් දූෂණයෙන් තොර යහපත් රටක් ගොඩනැගීමට වංචාවට සහ දූෂණයට එරෙහිව ද කඩිනම්න් දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කරන ලදී.
අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම මෙහි දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය තුරන් කරමින් එමඟින් ආර්ථික, සාමාජයීය, සංස්කෘතික සහ පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම මෙම ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීමේ අරමුණයි. වසරක පමණ කාලයක් අල්ලස් පනතේ අල්ලස, දූෂණය, වත්කම්, බැරකම් දඬුවම් සහ වෙනත් ඊට අදාළ දුර්වල නීතිරීති අණ පනත්වලට සම්බන්ධ කරුණු කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සංශෝධනය කර ඒ අනුව මෙම නව නීතිරීති ඇතුළත් පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කර තිබේ.
මෙරට සියලු රාජ්‍ය ආයතන ව්‍යුහයන්හි අල්ලස නිවාරණය, හර පද්ධති වැඩිදියුණු කිරීම, දඬුවම් ක්‍රමවේද හා නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක පදනම් කර ගනිමින් මෙම ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කර තිබෙන අතර එහිදී සාකච්ඡා වට 40 ක් පමණ පවත්වා විද්වතුන්, විදෙස් විශේෂඥයන්, මහජනතාව ඇතුළු විවිධ තරාතිරම්වල පිරිස්වල අදහස් විමසීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු කොට ඇත.
ගෞරවණීය ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද, කථානායක කරූ ජයසුරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මේ අවස්ථාවට එක්වුයේය.