කෙසෙල්ගමු ඔයේ අනවසරෙන් මැණික් ගැරු 08 දෙනෙකු අත්අඩංගුවට.

ඔක් 16, 2022

    බලපත්‍රයක් නොමැතිව, කෙසෙල්ගමු ඔයේ අනවසරෙන් මැණික් ගැරු සැකකරුවන් 08 දෙනෙකු උපකරණ රැසක් සමග 16 දින අලුයම අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා කෙසෙල්ගමු ඔය ආසන්නයේ පිහිටි බගවන්තලාව තෙරේසියා වත්තේ පදිංචි වතු කම්කරුවන් බවත්, එම සැකකරුවන් 08 දෙනා ඇප මත මුදා හැරි බවත්,ඔහුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

    Latest News