ණය ප්‍රතිව්‍යුහ ගත කරන වැඩසටහන සාර්ථක වනු ඇති බව ජනපති පවසයි.

ඔක් 16, 2022

    ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක වනු ඇති බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ඒ සම්බන්ධයෙන් තමන් චීන මුදල් අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කළ බවයි, ජනාධිපතිවරයා කියා සිටියේ. සියඹලාන්ඩුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වගාබිම් නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.

    සියඹලාන්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතු මඩල, වීරකඳවල අවට වගා භූමි නිරීක්ෂණය කිරීමටයි, ජනාධිපතිවරයා එක්වුණේ. මොණරාගල දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය හා කෘෂිකර්මාන්තයට අදාලව පවතින වත්මන් තත්වය පිළිබඳ ජනාධිපතිවරයා රාඡ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කළා. වගා භූමිවල ගමන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ගොවිජනතාව සමග සුහද කථාබහක නිරත වුණා. ඔවුන් මුහුණදෙන ගැටලු පිළිබඳව ද එහිදී අවධානය යොමු කෙරුණා.

    Latest News