ගොවි ජනතාව සහ ගම්බද ජනතාව කෙරෙහි රජය සැම විටම විශ්වාසය තබන බව අගමැති පවසයි...

ඔක් 19, 2022

    ගොවි ජනතාව මෙන්ම, ගම්බද ජනතාව කෙරෙහි රජය සැම විටම විශ්වාසය තබා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. 

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කාබනික පොහොර භාවිතයෙන් මා වී අස්වද්දන දංකොටුව ප්‍රදේශයේ වෙල්යායක් නිරීක්ෂණයට එක්වෙමින්.  දංකොටුව, ඇටියාවල පිහිටි අක්කර 20 කින් යුත් මෙම වෙල් යායේ, දේශීය මා වී වගාව පවත්වාගෙන යමින් සිටින්නේ, ඩබ්ලිව්.එස්.වයි. ධර්මසේන මහතායි. මා වී 'හැංගිමුත්තන්' ප්‍රභේදය මෙහි වගා කර ඇති බවත් එය, පඳුරු ස්වභාවයෙන් වරින් වර හටගන්නා බවත් ඔහු පවසනවා.  

    එම නිසා එක් පැළ සිටුවීමකින් පසු, අවස්ථා කිහිපයකදී  අස්වනු ලබාගත හැකියි. මෙම අක්කර 20 න් එක් කන්නයකදී සියයට 70 ක අස්වැන්නක් හිමිවීම ද විශේෂත්වයක්.  මේ අවස්ථාවට එක් වූ බීජ බැංකු භාණ්ඩාගාරික ප්‍රියන්ත පෙරමුණ මහතා කියා සිටියේ, තමන් සතුව මා වී ප්‍රභේද 10 කට අධික සංඛ්‍යාවක් පවතින බවයි. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාමිනී ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News