නියෝග කඩකරමින් පාන් අලෙවි කළ වෙළඳසැල් රැසකට නඩු...

ඔක් 22, 2022

    නියෝග කඩකරමින් පාන් අලෙවි කළ කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි සහ වෙළඳසැල් රැසකට අද (22) පා‍රි‍භෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩු පවරනු ලැබුවා.

    පාන් මිල ප්‍රදර්ශනය නොකිරීම, නියමිත බර නොතිබීම සහ ව්‍යාපාරික ස්ථානයේ තරාදියක් නොමැති වීම ඊට හේතුවයි. පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතුයි. පාන් අලෙවි කරන සෑම ස්ථානයකම ලියා පදිංචි තරාදියක් පවත්වාගෙන යාමද අතවශ්‍යයි. අධිකාරිය පවසන්නේ, පාරිභෝගිකයන්ට යම්කිසි සැකයක් මතුවුවහොත් එම භාණ්ඩ‍යේ බර කිරා බැලීමට ඉඩ ලබාදිය යුතු බවයි. නියමිත ආකාරයට පාන් අලෙවි නොකරන ව්‍යාපාරික ස්ථානයකට එක් වරදක් සඳහා රුපියල් දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා‍ හෝ මාස තුනකට නොවැඩි සිරදඬුවම් ලබාදීමට ද හැකියාව ඇති බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. අද නඩු පැවරූ බේකරි සහ වෙළඳසැල් හිමිකරුවන් කොළඹ, අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.‍

    Latest News