ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි...

ඔක් 23, 2022

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශ‍වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට රළුවේ.

    Latest News