දකුණු කොරියාවේ පැවති බහුසංස්කෘතික උලෙළ (වීඩියෝ)

ඔක් 26, 2022
  • දකුණු කොරියාවේ චංවොන් ප්‍රදේශයේදී අන්තර්ඡාතික බහුසංස්කෘතික උලෙළක් පසුගියදා පැවැත්වුනා.

    ඒ ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 15 ක සහභාගිත්වයෙන්.

    අන්තර්ඡාතික බහුසංස්කෘතික උලෙළ මෙවර සංවිධානය කෙරුනේ 17 වැනි වරටයි. දකුණු කොරියාව, චීනය, ජපානය, පිලිපීනය, වියට්නාමය, පකිස්ථානය ශ්‍රි ලංකාව ඇතුලු රටවල දහස් ගනනක පිරිසක් ඊට එක්වුනා. කියොන්සානම් දො පලාත් සභාව මෙවර සංවිධානය කළ උලෙළට ශ්‍රි ලාංකික ප්‍රඡාව සංවිධානය කරනු ලැබුවේ එම පලාත් සභාවේ ශ්‍රි ලාංකික ප්‍රඡාව සම්බන්ද උපදේශන නිලධාරි දමින්ද ප්‍රදීප් මහතා විසින්. ශ්‍රි ලංකා වෙළද කුටි සදහා ශ්‍රි ලාංකිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ. ශ්‍රි ලංකන් ගුවන් සේවය මගින් නොමිලේ ගුවන් ටිකට් පතක් ලබා දිමේ විශේෂ දිනුම් ඇදිමක්ද මෙහිදි සිදුකෙරැණා. එහි ඡයග්‍රාහිකා මේනකා මධුෂානී මහත්මිය වෙත ගුවන් ටිකට් පත පිරිනැමුවේ දකුණු කොරියාවේ ශ්‍රිලංකා වැඩබලන තානාපති සවිත්‍රි පානබොක්කේ හා දකුණු කොරියාවේ ශ්‍රිලංකන් ගුවන් සේවයේ කලමනාකාර දිලීප විඡේසුරිය යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

    සහභාගි වු රටවල නියොඡනයෙන් විශේෂ සංස්කෘතික පෙළපාලියක්ද පැවැත්වුනා. විවිධ රටවල නියොඡනයෙන් පැවති කලාකරුවන්ගේ ප්‍රසංග්‍රයට ඉහළ පේක්ෂක ආකර්ෂනයක් හිමිවු අතර ශ්‍රිලංකාව නියොඡනය කරමින් උලෙළ විචිත්‍රවත් කලේ ඡනප්‍රිය ගායන ශිල්පීන් වන භාතිය හා සන්තුස් සමග උමාරියායි.

    Last modified on බදාදා, 26 ඔක්තෝබර් 2022 11:36

    Latest News