මහවැලි සී ගොවි බිම්වලට ජලය...

ඔක් 26, 2022

    මෙවර මහ කන්නයේ මහවැලි සී කලාපයේ ගොවි බිම් සඳහා ජලය නිකුත් කිරීම අද ආරම්භ කෙරුණා.

    ජලය නිකුත් කෙරුණේ, ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය හා රත්කිඳ යන ජලාශ දෙකෙන්. උල්හිටිය ජලාශයේ වම් ඉවුරු සොරොව්වෙන් සහ රත්කිඳ ජලාශයේ දකුණු ඉවුර සොරොව්වෙන් ජලය නිකුත් කෙරුණේ, මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේයි. මහවැලි සී කලාපයේ හෙක්ටයාර 25,000 කට ආසන්න භූමි ප්‍රමාණයක වී වගා කිරීමට නියමිතයි. ගොවි පවුල් 45,000 ක් පමණ වගා කටයුතුවල නිරතව සිටිනවා.

    Latest News