ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

නොවැ 05, 2022

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

    මාධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 100 කට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Last modified on සෙනසුරාදා, 05 නොවැම්බර් 2022 11:03

    Latest News