ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවෙයි

නොවැ 07, 2022

    ඊජිප්තුවේ කයිරෝ නුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා හමුවිය.

    ජාතික පරිසර ප්‍රතිපත්තිය පිළිබඳ රජයේ සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා මහලේකම්වරයා දැනුවත් කළේය. මහලේකම්වරයා 1978 වසරේ සිය පළමු ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ මතකයන් සිහිපත් කළේය.

    එක්සත් ජාතීන්ගේ COP 27 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිතුමා ඊජිප්තුව බලා පිටත්ව ගියේය. ඒ මහතා සමඟ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මෙම සංචාරය සඳහා සහභාගි විය.

    Last modified on සදුදා, 07 නොවැම්බර් 2022 09:33

    Latest News