මෙම පොදු සමාකාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අයවළුන් සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් නීත්‍යානුකූලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කළ යුතුය.
තවද, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධ නොනිමි විනය කටයුතු නොපැවතිය යුතුය.
නීති විරෝධී ක්‍රම මගින් විදේශගත වූ හෝ විදේශගත වීමේදී වංචනික ලෙස විදේශගමන් බලපත්‍ර සහ අනෙකුත් ලේඛන සකස් කර විදේශ ගත වී නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතින් තහවුරු කරගත යුතු වේ.