ජනපතිගෙන් විශේෂ පාර්ලිමේන්තු ප්‍රකාශයක්

නොවැ 10, 2022

    පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ අද (10) පාර්ලිමේන්තුවට පැමිණියා.

    අයි එම් එෆ් සංවිධානය යුක්‍රේනයට ලබා දෙන මූල්‍යාධාර, ඒ අයුරින්ම, ආහාර හිඟයෙන් පීඩිත රටවලට ද ලබා දිය යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

    යුක්‍රේනය සඳහා ප්‍රකාශ කොට ඇති ලිහිල් කොන්දේසි ද වෙනසකින් තොරව, අනෙකුත් රටවල් සඳහා ද බලපැවැත්විය යුතු බවයි, ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඊජිප්තුවේ සිට පැය 10 ක ගුවන් ගමනකින් කොළඹට පැමිණි වහාම, පාර්ලිමේන්තුව ඇමතූ ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    පාර්ලිමේන්තුව හමුවේ සිදු කරන සිය ප්‍රකාශය වැඩිපුර යොමු කර ඇත්තේ, ගෝලීය ප්‍රජාවගේ අවධානයට  බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශනය ආරම්භයේදී පෙන්වා දුන්නා.

    Latest News