2023 අය-වැය යෝජනා

නොවැ 14, 2022

    අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියේ ප.ව. 1.30 ට යි.


    ඉන්පසු 2023 අයවැය කතාව "ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා" යන තේමාව යටතේ ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

    එහි දී ඉදිරිපත් වූ අයවැ යෝජනා සහ අදහස් මෙසේ යි...

    "ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ මාර්ගයට ආලෝකයක් වැටී තිබෙනවා. දුක් කරදර යම් ප්‍රමාණයකට අඩු සැනසිලිදායක යුගයකට පැමිණ තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ඉන්දියාව සමග අදහස් හුවමාරු කර ගන්නවා. පසුගිය කාලයේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය නිසා උද්ධමනය යම් පමණකින් අඩු කරගන්නට හැකිවුණා. ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි. නව ලොවකට ගැලපෙන නව ආර්ථිකයක් අරඹනවා. අපට වැරදුනේ වැරදුණේ කොතැන දැයි සෙවිය යුතුයි. මහා පරිමාණයේ විදේශ ආදායම් ලබන ක්ෂේත්‍රය නිර්මාණය කර ගන්නට නොහැකි වූයේ ඇයි දැයි සොයා බැලිය යුතුයි. රටක දීර්ඝකාලීන සංවර්ධනයට පදනම වන්නේ ජනප්‍රිය තීන්දු ද නිවැරැදි තීන්දු ද කියා බැලිය යුතුයි. ජනතාව පුරුදු වී ඉන්නේ සහන ලබා ගැනීමටයි ආණ්ඩු ක්‍රියා කරන්නේ දියුණු වේ මාවත හෙළි කරන්නට නොව සහන ලබා දීමටයි. ජනප්‍රිය මාවතේ ඉදිරියට යාමෙන් රටට අනාගතයක් නැහැ. දැන්වත් අප මේ තත්ත්වයෙන් මිදී චින්තන රටාව වෙනස් කර ගනිමු. ණය ගත යුත්තේ පරිභෝජනය සඳහා නොව ආයෝජනය සඳහා බව බුදුන් වහන්සේ ද කියා තිබෙනවා නමුත් අප කළේ කුමක්ද? ණය ගනිමින් පරිභෝජනය සඳහා වියදම් කිරීමයි. අප කළේ රටට ණය වෙමින් මඟුල් කනවා වගේ වැඩක්.

    ජාතික සම්පත් රැක ගැනීමට අප සටන් වදිනවා නමුත් අප සැබෑ ජාතික සම්පත ආරක්ෂා කර තිබෙනවාද? අපේ සැබෑ ජාතික සම්පත තරුණ පරපුරයි. තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා නිසි පියවර ගෙන ඇති නම් ඔවුන් රට හැර යාමට පෝලිම් ගැසෙන්නේ ඇයි ජාතික සම්පත් යනු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොවේ. මේ වන විට රාජ්‍ය ව්‍යවසායන් හාරසිය විස්සක් නඩත්තු කරනවා. මෙයින් බොහොමයක් පාඩු ලබනවා ඒවා තව දින දෙක තුනකින් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. තරුණයන් බලාපොරොත්තු වන්නේ ක්‍රමවේදයේ වෙනසයි අප අලුත් ආර්ථිකය නිර්මාණය කරන්නේ තරුණ තරුණියන්ගේ හෙට දවස වෙනුවෙන්. 1977 ඒ ආර්ථික පදනම අදට ගැළපෙන්නේ නැහැ. අප වර්තමානය ගැන අලුතින් සිතිය යුතුයි. කොට්ට උරයක් සේ අනිත් පිට හරවා අලුත් ඇහැකින් ලෝකය දෙස බැලිය යුතු බව සුගතපාල ද සිල්වා මරාසාද් නාට්‍යයේ කියා තිබෙනවා. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආර්ථිකය පුබුදන බලවේගයක් ගොඩ නගමු මේ අයවැයෙන් අප උත්සාහ කරන්නේ ඒ බලවේග කරගත හැකි පදනමක් ගොඩ නැගීමයි. අප කැපකිරීම් කරන්නේ රට ගොඩනැගීම සඳහායි. සැමට සමාන අවශ්‍යතා නිර්මාණය කළ යුතුව තිබෙනවා කුඩා කණ්ඩායමක් පමණක් පොහොසතුන් කරන ආර්ථික ක්‍රමයක් නොව සමස්ත රට ඉහලට ඔසවන ආර්ථිකයක් නිර්මාණය කරගත යුතුයි. අප නිර්මාණය කළ යුත්තේ ඒකපුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් නොවේ. තරුණ තරුණියන් සරිලන ජීවන ක්‍රමයට ආදායම වැඩි කළ යුතුව තිබෙනවා. නිදහස් අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය සේවා සුභසාධන කාර්යයන්වලින් සමාජයේ සියලු දෙනාට සමාන ප්‍රතිලාභ ලැබෙන වා දැයි බැලිය යුතුයි. අප ඉදිරි ගමන සකස් කරගත යුත්තේ වර්තමාන තත්ත්වය හොඳින් අවබෝධ කරගැනීමෙන් අනතුරුවයි.

    පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කරනවා. රටේ ආර්ථිකයට දායකත්වයක් සපයන ව්‍යවසායකයන් දුෂ්ටයන් ලෙස සලකන යුගයක් තිබුණා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. පුද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කළ යුතු වනවා සේම අලුත් ව්‍යවසායකයන් බිහි කළ යුතුයි. නව ආර්ථික සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අප ගොඩ නගනවා. ඒ නැතිනම් සමාජ ආරක්ෂණ විවෘත වෙළෙඳපොළ ක්‍රමයක් ලෙස අර්ථ දක්වන්නට කැමතියි. අපනයනය මූලික කරගත් තරගකාරී ආර්ථිකය පරිසරය හිතකාමී ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකය යන ක්‍රම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. බදු ක්‍රමය වෙනස් කළ පමණින් අලුත් ආර්ථිකයක් ගොඩනගන්න බෑ අලුත් ආදායම් මාර්ග සොයා ගත යුතුයි. අධ්‍යාපනය සෞඛ්‍ය කෘෂිකර්මය ජාතික ආරක්ෂාව ආදී සියල්ල නවීකරණයට ලක් කළ යුතුව තිබෙනවා. නවීකරණය කළ යුත්තේ ගෝලීය සිද්ධාන්ත සැලකිල්ලට ගනිමින්. ආර්ථික නවීකරණය සඳහා අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දිගුකාලීන සමාජ සංහිඳියාව පවත්වා ගැනීමටත් ශීඝ්‍ර සංවර්ධනයක් සඳහා හැල හැප්පීම්වලින් තොරව ගමන් කිරීමටත් පොදු එකඟතාව අතිශයින් වැදගත් වෙනවා. අප නිර්මාණය කරන සමාජ ආරක්ෂණ විවෘත ආර්ථිකය ඔස්සේ මේ ඉලක්ක මුලින්ම සපුරා ගැනීමට අපේක්ෂා කරනවා."


    "සියයට හතක් හෝ අටක් ඉහළ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රම බලකායක් ඉදිරි දස වසර තුළ දී නිර්මාණය කර ගන්නවා. පෞද්ගලික අංශයට නායකත්වය හිමි වන තරගකාරී නවීන ආර්ථිකයක් අප හැදිය යුතුයි. 2048 වෙද්දි සංවර්ධිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමට අලුත් ප්‍රවේශයක් ලබා ගන්නවා. වාද විවාද කිරීමෙන් ඵලක් නැහැ කළ යුත්තේ අනාගතයට රටක් හදා දීමයි. තවදුරටත් වැරදි පාරවල්වල ගොස් මංමුලා වන්නට බැහැ. එබැවින් අප කරන්නේ ලෝකෙට ණය වෙමින් මඟුල් කන තත්ත්වයක් නොවේ අපේම ශක්තියෙන් නැගී සිටින පසුබිමක් නිර්මාණය කිරීමයි. අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට සීමා වන්නේ නැහැ. ආර්ථික ස්ථායිකරණය සඳහා පමණක් මූල්‍ය අරමුදල එකගතා සීමාකර ගන්නවා. බොහෝ ආණ්ඩු ජනප්‍රියතාවය වෙනුවෙන් ඉටු නොකළ කාර්යභාරයන් අප රට වෙනුවෙන් ඉටු කරනවා. මැදි කාලීන ආර්ථික වර්ධනය සියයට 5ක් දක්වා ළඟා වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. විදේශ විනිමය ගලා ඒම සමාලෝචනය කළ යුතුව තිබෙනවා. ආයෝජන මණ්ඩලයේ අපනයන සංවර්ධන මණ්ඩලය හා ආදී හැම එකක්ම හරියට ක්‍රියා කළා නම් ආයෝජන ගැන ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ."

    යෝජනා...

    • බදු සහන මත පදනම්ව විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් ද විමසා බැලිය යුතුයි. මේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කරනවා.
    • ඉන්දියාව හා චීනය වැනි ප්‍රධාන වෙළඳපොළවල් සමඟ සම්බන්ධ වීමේ උත්සාහය ආරම්භ කර තිබෙනවා
    • සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සමග සමඟ කලාපීය සබඳතා ගොඩනඟා ගැනීමට මූලික පියවර තබනවා.
    • ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කරනවා.
    • 2023 සිට 2027 දක්වා තුන් අවුරුදු සැපයුම් සේවා වැඩසටහනක් හඳුන්වා දීමට කටයුතු කරනවා.
    • සේවක සේවිකාවන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුවී නැහැ. ඔවුන් රටේ ප්‍රගතිය නංවා ගැනීම සඳහා ඵලදායී ලෙස සහභාගී කරගත යුතුයි. කම්කරු නීතිය යල් පැන ගිය හා එකිනෙක හා සම්බන්ධයක් නොමැති බැවින් ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කරනවා.
    • භාවිතා නොකරන ඉඩම් දිගු කාලීන බදු පදනම මත අපනයන බෝග වගා කිරීමට යොදා ගන්නවා.
    • ඩිජිටල් තාක්ෂණය සඳහා සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ආදිය ඇතුළත් වන පරිදි ඩිජිටල් තාක්ෂණ කර්මාන්ත අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සඳහා මණ්ඩලයක් පත් කරනවා.
    • ඛනිජ සම්පත් ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම ඉතා අඩු මට්ටමකින් සිදු වෙනවා. ඒවා ජාතික සංවර්ධනයට ඵලදායි ලෙස යොදා ගැනීමට සුදුසු ප්‍රතිපත්තියක් සකස් කරනවා.
    • කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවනවා.
    • ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා ජලය මත ලිස්සා යාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා කරනවා.
    • ග්‍රාමීය පාසල් පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මිලියන 200 ක් වෙන් කර තිබෙනවා.
    • වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි ආයතනය කොළඹ කොළඹට පමණක් සීමා වී තිබෙනවා පේරාදෙනිය රුහුණ සහ යාපනය විශ්වවිද්‍යාලවලත් පශ්චාත් උපාධි ආයතන ආරම්භ කරන ලෙස රුපියල් බිලියන 60 ක් වෙන් කර තිබෙනවා.
    • විශ්වවිද්‍යාල උපාධි සඳහා තත්ව සහතික මණ්ඩලයක් ඇති කරනවා
    • උසස් පෙළ විභාගයේ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබන හැත්තෑපස් දෙනෙකු සඳහා විදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව 75ක් ලබාදීමට කටයුතු කරනවා. මේ සඳහා අරමුදල් ජනාධිපති අරමුදලෙන් වෙන් කරනවා. විශ්වවිද්‍යාලවල උසස් අයුරින් අධ්‍යාපනය ලබන සිසුන් 75ක් සඳහා විෂය විදේශ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධිය හැදෑරීමට අවස්ථාව දෙනවා.
    • ඌව වෙල්ලස්ස විශ්වවිශ්වවිද්‍යාලය යටතේ ද අලුතින් වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.
    • ලංකා ඉතිහාසය හා පර්යේෂණය කිරීම සඳහා පිහිටුවීමට ආයතනයක් පිහිටුවනවා. ඒ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කරනවා. ලංකා ඉතිහාසය අමතක කිරීම බොහෝ ප්‍රශ්නයක් වී තිබෙනවා බොහෝ දෙනෙක් ඉතිහාසය දන්නේ නැහැ.
    • රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වැය කළ යුතුයි සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා. ඒ නිසා වත්මන් යුතුවලට ගැලපෙන පරිදි රාජ්‍ය සේවය සැපයීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනවා.
    • බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක්. ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කළ යුතුයි.
    • පෞද්ගලික දත්ත සැකසුම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවනවා.
    • පෞද්ගලික අංශ සේවකයන්ට රක්ෂණාවරණයක් සකස් කරනවා. පෙනුමෙන් රක්ෂණ අරමුදල ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට ලබාදීමට යෝජනා කරනවා.
    • සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.
    • බදු ප්‍රතිපත්තිය අඩු ලුහුඬුකම් නිවැරදි කරමින් ආදායම් බදු හා එකතු කළ එය මත බදු ප්‍රතිසංස්කරණ මගින් 2023 වසරින් ඔබ්බට ආදායම ඉහළ නංවා ගැනීමට හැකි වෙනවා.
    • බීඩියක් මත රුපියල් දෙකක බද්දක් පනවනවා.
    • විදේශ ගමන් බලපත් ගාස්තු සහ වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරනවා.
    • අවුරුදු 18 ට වැඩි සෑම කෙනෙකුටම බදු ගොනුවක් විවෘත කළ යුතු බව කිව්වද බොහෝ අය බදු ගෙවීමේ තත්ත්වයෙන් පහළ සිටිනු ඇත.
    • රාජ්‍ය වියදම් දැඩි ලෙස පාලනය කිරීම සඳහා චක්‍රලේඛන උපදෙස් ගණනාවක් නිකුත් කර තිබෙනවා.
    • සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා කලින් විශ්‍රාම ගැන්වීමට අවසර ලබාදෙනවා. අවුරුදු 18 ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා. මෙය අනිවාර්ය කරන්නේ නැහැ කැමති අයට පමණක් ඉවත් විය හැකියි.
    • වාහන වියදම් ඉහළ යාම උද්ධමන තත්ත්වය නිසා රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් නිසා අසීරුතාවයකට පත්ව තිබෙනවා. තවත් වසරකින් රජයේ ආදායම වැඩි වනු ඇතැයි අපේක්ෂා කරනවා. ප්‍රශස්ත මට්ටමේ රාජ්‍ය සේවයක් ඇති කිරීමට හැකි වෙනවා. 2023 වසර අග වන විට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දිය හැකි වේවි යැයි සිතනවා. පෞද්ගලික අංශයටත් ඒ වන විට සහනයක් දෙන්නට දෙන්න බලාපොරොත්තු වෙනවා.
    • තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි ශ්‍රේෂ්ඨ ශක්තිමත් කිරීම සඳහා චීන එක්සිම් බැංකුවෙන් රජය ලබා ගන්නා ලද ණය දෙසැම්බර් අවසානය වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුන්වනු ඇත.
    • ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක් පිහිටුවනවා.
    • පොල් ඉඩම් කැබලි කිරීම කාලයකට සීමා කරනවා. දැනට පවතින්නේ අක්කර 4ක් ලෙසයි. කෘෂි ව්‍යවසායක ගම්මාන දහයක් ස්ථාපිත කරනවා.
    • ත්‍රෛලෝක විජය පත්‍ර බෝග අපනයන සඳහා නිෂ්පාදනය කිරීම. ඒවා අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි යෝජනා කරනවා මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරනවා.
    • දේශගුණය වෙනස්වීම පිළිබඳ පිළිබද ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවනවා.
    • වන ගහනය කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වය ලබා ගන්නවා.
    • මද්‍යසාර නිෂ්පාදන වල ගුණාත්මකභාවය බැලීම සඳහා අලුත් අලුත් ආයතනයක් පිහිටුවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරනවා.
    • ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබාදෙන්නට කටයුතු කරනවා.
    • රැඳවියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන සියයක් වෙන්කර තිබෙනවා.
    • රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා
    • පොදු සම්මුතියකට පැමිණ ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කර ගනිමු
    • මුහුණු මාරු කරන දේශපාලනයෙන් ඉවත් වී ක්‍රමය මාරු කරන දේශපාලනයකට යාමේ අභියෝගය බාර ගනිමු. ඒ සඳහා විපක්ෂයෙන් ද සහය ලබනු ඇතැයි අප සිතනවා.
    • ආංශික අධීක්ෂණ කාරක සභා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.
    • තරුණ පරපුරට යහපත් ආර්ථිකයක් හදා දෙන්න එකට එක්වෙමු.
    Last modified on සදුදා, 14 නොවැම්බර් 2022 16:30

    Latest News