හිරුණිකාට ඇප නඩුව ලබන පෙබරවාරි 13

නොවැ 15, 2022

    හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් පිරිස අද (15) උදේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    කුරුඳුවත්ත පොලීසිය විසින් ඊයේ දහවල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගනු ලැබුවේ, පොලිස් රාජකාරිවලට බාධා‍ කිරීම හේතුවෙන්. අත්අඩංගුවට පත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ‍ඇතුළු 15 දෙනා, අද උදේ කුරුඳුවත්ත පොලිස්ථානය විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

    අනතුරුවයි, එම පිරිස අධිකරණය වෙත රැගෙන ගියේ. කාන්තාවන් පිරිසක් ඊයේ දහවල් "එක්සත් ජාතීන්ගේ සංවිධානයේ" කොළඹ කාර් යාලය ඉදිරිපිට වීථි නාට්‍යයක් රඟදක්වනු ලැබූ අතර, පොලිසිය පැමිණ ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස දන්වා තිබෙනවා. එහිදී, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු එහි සිටි පිරිස ඊට විරෝධය පළ කරනු ලැබුවා. පොලිසිය, ‍එම ස්ථානයේ සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන, කුරුඳුවත්ත පොලිස්ථානයට ‍ගෙන ඒමට පියවර ගත්තා. අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොලිස්ථානයට පැමිණ, ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා, දැඩි ලෙස බලපෑම් කර තිබෙනවා. ඉන් අනතුරුවයි, ඇය අත්අඩංගුවට ගැනුණේ.

    Latest News