ලෝක ජනගහණය කෝටි 800යි...

නොවැ 15, 2022

    ලෝක ජනගහණය කෝටි 800 එනම්, බිලියන 08 සීමාව අද ඉක්මවා ගියා.

    ගෝලීය ජන සංඛ්‍යාව කෝටි 700 සිට 800 දක්වා වර්ධනය වීමට ගතවූයේ, වසර 12ක කාලයක්. පිලිපීනයේ, මැනිලා අගනුවර ටොන්ඩෝ ප්‍රදේශයේ උපත ලැබූ බිලිඳියක් අද වාර්තා පොත් අතරට‍ එක්වුණා. ඒ, ඇය ලෝක ජනගහණය බිලියන අටේ සීමාව සනිටුහන් කරමින් උපත ලැබීමත් සමගයි. මෙය පිලිපීන ජනගහණ හා සංවර්ධන කොමිසම මගින් ද සනාථ කරනු ලැබූවක්. වාර්තා පොත් අතරට එක්වූ බිලිඳියට නම් තබා ඇත්තේ, විනීස් යනුවෙන්.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය විවිධ අඩුපාඩු මධ්‍යයේ වුවද සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීම නිසා වේගවත් ජනගහණ වර්ධනයක් දක්නට ඇති බවයි. ගෝලීය ජනගහණ වර්ධනය වඩාත් ඉහළින් පෙන්නුම් කරන්නේ, නැගෙනහිර ආසියාව තුළයි. දෙවනුව දකුණු ආසියාව හා මැදපෙරදිග කලාපය වැඩිම උපත් සංඛ්‍යාවක් සහිත ප්‍රදේශ බව, සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. ලෝක ජනගහණය 2030 වන විට කෝටි 850 දක්වාත්, 2050 වන විට කෝටි 970 දක්වාත්, මේ සියවස අවසන් වන විට කෝටි දහස දක්වාත් ඉහළ යනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

    Latest News