නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා කිරීම අවදානම්

නොවැ 20, 2022

    ගිනිකොණ දිග බෙංගාල ‍බොක්ක සහ ඊට යාබදව පැවති අඩු පීඩන කලාපය, බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, දකුණු මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතිනවා.

    මෙය, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා, වර් ධනය වී තමිල්නාඩු පුදුවේරි වෙරළ වෙත ළඟාවීමේ හැකියාවක් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එබැවින්, ඉදිරි පැය 24 තුළ කන්කසන්තුරේ සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස, ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා. කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට තද සුළං ඇති විය හැකියි. එම පළාත්වල වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරෙනවා.

    Latest News