බිත්තර ගැන අලුත්ම ආරංචිය

මාර් 29, 2023

    ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

    අද සවස්වරුවේ එම බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

    ආනයනය කරන ලද බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හැරීමට මීට පෙර තීරණය කෙරුණි.

    ඒ අනුව එම බිත්තර බේකරි නිෂ්පාදකයින් සඳහා රුපියල් 35ක මුදලකට අලෙවි කරනු ඇත.

    මෙලෙස ආනයනය කරන ලද බිත්තරයක් ශීතකරණයේ දින 90ක කාලයක් කල්තබා ගත හැකි බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

    Latest News