වැඩ තහනම්වූ ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයින් හිටපු ජනපති මහින්ද හමුවේ

අප්‍රේ 01, 2023

    වැඩ තහනමට ලක් වූ ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයින් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණා.

    ඒ, විජේරාම පිහිටි නිල නිවසේදී.  පසුගිය දිනවල ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ක්රිදයාත්මක කළ සත්යිග්රජහය සහ වැඩ වර්ජනය හේතුවෙන්, වෘත්තිය සමිති නායකයන් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මෙම හමුව සිදු වූයේ, ඒ පිළිබඳ සාකච්ඡාවකටයි. පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී ලොකුගේ මහතා ද මීට එක්ව සිටියා.

    Latest News