හෙරළියෙන් පෙරළියක්

අප්‍රේ 02, 2023

    රට පුරා කොස්පැළ මිලියන තුනක් සිටුවීමේ, වැඩසටහනේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණා.

    ඒ, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී. ගුවන් හමුදා “හෙරළි පෙරළි” නමින් වැඩසටහන නම් කර තිබෙනවා.

    රජය ගෙන යන ආහාර සුරක්ෂිත වැඩසටහනට සමගාමීවයි, කොස් පැළ මිලියන තුනක් සිටුවීම ආරම්භ කර ඇත්තේ. කොස් ආශ්‍රිත දේශීය සහ විදේශීය වෙළඳපොළ මෙහි ප්‍රධාන ඉලක්කයක්.

    කොස් ආශ්‍රිත ආහාර ශ්‍රී ලාංකීය ජනතාව තුළ ප්‍රචලිත කිරීම ද ගුවන් හමුදාවේ අරමුණයි.

    මෙම වැඩසටහන යටතේ මෙම වසර තුළ කොස් පැළ හැත්තෑපන්දහසක් වගා කෙරෙනවා. කොස් පැළ වගාව සම්බන්ධයෙන් ලියවුණු ගුවන් හමුදා “හෙරළි පෙරළි” ග්‍රන්ථය ද ජනධිපතිවරයා ‍වෙත මෙහිදි පිළිගන්වනු ලැබුවා.

    මෙම ග්‍රන්ථය තුළ කොස් වගාවට අමතරව ඒ හා සබැඳී නිෂ්පාදන පිළිබඳ අන්තර්ගත වී තිබීමද විශේෂත්වයක්.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News