රට ස්ථාවර කිරීමට ආරක්ෂක අංශ ලබා දුන් දායකත්වයට, ජනපතිගෙන් පැසසුම්

අප්‍රේ 01, 2023

    ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර් ලිමේන්තුව අත්පත් කර ගැනීම වැලැක්වීම සහ රට අරාජික වීම වලක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ආරක්ෂක අංශ වෙත සිය කෘතඥතාව පළ කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ආරක්ෂක අංශවල කැපවීම හේතුවෙන්, වර්තමානයේ රට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වී තිබෙනවා. ආරක්ෂක අංශ සඳහා අද පැවති දේශනයකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා.   අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී දේශනය පැවැත්වුණා.

    එහි පැමිණි ජනාධිපතිවරයා, ගුවන් හමුදා ආචාර මධ්‍යයේ පිළිගැනුණා. අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ සහය ලැබීම සමග මෙරට ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් හමුවේ ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළා.

    පසුගිය වසරේ තමන් රට බාර ගන්නා අවස්ථාවේ පැවති තත්වයත් වර්තමානය වන විට රටේ පවතින ස්ථාවරත්වයත් ඇති කිරීමට ආරක්ෂක අංශ දැවැන්ත දායකත්වයක් ලබා දුන් බවයි, රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ.

    Last modified on සෙනසුරාදා, 01 අප්‍රේල් 2023 19:37

    Latest News