ඉකුත් සතියේ ඉන්ධන බලපත්ර ක්රමයට සිදු වූ අලෙවිය 80% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට පෙර සතියේ එම අගය 60% ක මට්ටමකයි පැවතුණේ.
මීට අමතරව මාර්ගෝපදේශ අනුගමනය නොකළ ඉන්ධන පිරවුම්හල් 66 ක බලපත්ර තාවකාලිව අත්හිටුවා තිබෙනවා.
කෙසේ නමුත්, උත්සව සමයේ ඉන්ධන බෙදා හැරීම වැඩි කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.
දෛනිකව බෙදා හරින ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ප්රමාණය මෙට්රික් ටොන් 4,650 දක්වාත්, ඔටෝ ඩීසල් ප්රමාණය මෙට්රික් ටොන් 5,500 දක්වාත් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අමත්යවරයාග් ට්විටර් පණිවුඩයේ සඳහන්.