ජාතික ගමනාගමන කොමිසම, පූර්ණ ඩිජිටල්කරණයට

අප්‍රේ 19, 2023

    ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පූර්ණ ඩිජිටල්කරණයට ලක් කිරීම ආරම්භ කර තිබෙනවා.

    එහි දත්ත පද්ධති ක්‍රියාවලිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.  ‍මෙරට පොදු ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ පෞද්ගලික බස් රථ සේවාවන් සම්බන්ධ සියලුම නියාමන කටයුතු සිදු කරන්නේ, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවයි. මෙම  ව්‍යාපෘතිය යටතේ එහි සිදු කෙරෙන සියලු සේවා ස්වයංක්‍රීය පරිගණක පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    කිසිඳු බාහිර බලපෑමකින් තොරව එම පද්ධතිය  ක්‍රියාත්මක වීම විශේෂත්වයක්. මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවමින්, GPS පහසුකම සහිත බස් රථයක් ප්‍රධාන කාර් යාලයේ සිට නිරීක්‍ෂණය කිරීම, වාර් තා  නිකුත් කිරීම සහ GPS පාලක මැදිරියේ කටයුතු අමාත්‍යවරයා විසින් නිරීක්ෂනණය කරනු ලැබුවා. මෙහිදී, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ සියලු රාජ්‍ය  ආයතන කාර්*යක්ෂම කිරීම සඳහා එකම විසඳුම ඩිජිටල්කරණය බවයි.

    Last modified on බදාදා, 19 අප්‍රේල් 2023 20:06

    Latest News