හිටපු රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වංශනාත වික්‍රම මහතා අභාවප්‍රාප්ත වෙයි

අප්‍රේ 19, 2023

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ වංශනාථ වික්‍රම මහතා, අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මිය යන විට ඔහු පසුවූයේ 79 වැනි වියේ.  1982 වසරේ මැයි මස රූපවාහිනී සංස්ථාවේ සේවයට එක් වූ වංශනාථ මහතා, එහි ආරම්භක සාමාජිකයෙක්. ඔහු සංස්ථාවේ සේවයට එක්වූයේ මහජන සම්බන්ධතා නිලධාරියෙකු ලෙසයි. පසුව දිගු කාලයක් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ වික්‍රම මහතා, 88 / 89 භීෂණ සමයේ දැඩි කැපවීමකින් සිය සේවය ලබාදුන් නිලධාරියෙක්.

    අධ්‍යාපන වැඩසටහන් අංශයේ සහ විවිධ වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද ඔහු සේවය කර තිබෙනවා. අභාවප්‍රාප්ත වංශනාථ වික්‍රම මහතාගේ දේහය, හෙට සිට බොරලැස්ගමුව මල් ශා‍ලාවේ තැන්පත් කර තැබෙන අතර, අවමංගල්‍යය ලබන සිකුරාදා සවස 5.00 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

    Latest News