නානුඔය - රාගල නව විදුලි දුම්රිය සේවාවක්

අප්‍රේ 21, 2023

    ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත නානුඔය දුම්රිය ස්ථානයේ සිට රාගල දක්වා නව විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

    ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.  නානුඔය සිට නුවරඑළිය, කඳපොල හරහා රාගල දක්වා ඉංග්‍රීසි පාලන සමයේ පැවති දුම්රිය මාර්ගය යොදා ගනිමිනුයි, නව විදුලි දුම්රිය සේවාව ආරම්භ කෙරෙන්නේ.

    එහිදී අමාත්‍යවරයා නානුඔය දුම්රිය පරිශ්‍රයේ පැරණි දුම්රිය මාර්ගයේ ශේෂ පතය නුවරඑළිය, “බ්ලැක්පූල්” ප්‍රදේශය, නුවරඑළිය පැරණි දුම්රිය ස්ථානය සහ කඳපොල ප්‍රදේශයේ පැරණි දුම්රිය මාර්ගය මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. ලොව ඉහළින්ම පිහිටි දුම්රිය ස්ථාන 6 අතරින් එකක් ලෙස සැලකෙන කඳපොල දුම්රිය ස්ථානය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ වැඩි අවධානයක් දිනාගත හැකි ගමනාන්තයක් බවට පත්කිරීම ව්‍යාපෘතියේ අරමුණක් බවයි, අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

    Latest News