අකුරණ භීතියට පත් කළ පුද්ගලයා රිමාන්ඩ්

අප්‍රේ 22, 2023

    ඉදිරි දිනවලදී අකුරණ නගරයේ කිසියම් ප්‍රහාරයක් සිදු විය හැකි බවට අසත්‍ය ප්‍රකාශ කළ පුද්ගලයා ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තිබෙනවා.

    ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. ඔහු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ, හාරිස්පත්තුව ප්‍රදේශයේදී.  ඔහු, පසුගිය 18 වැනිදා 118 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබාදී මේ බව පවසා තිබෙනවා. අනතුරුව ඊට පසු දිනද පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලබාදී යම් සංවිධානාත්මක පිරිසක් විසින් මුස්ලිම් ජනතාව බහුලව වාසය කරන ප්‍රදේශ ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරන බව දැනුම් දී තිබුණා.

    Latest News