උද්‍ඝෝෂණවලටත් මාර්*ගෝපදේශ

මැයි 13, 2023

    ‍‍උද්ඝෝෂණ සම්බන්ධයෙන් රාජ්‍ය සහ නීති ක්‍රියාත්මක කරන්නන්, කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මාර්*ගෝපදේශ ඊයේ එළිදැක්වුණා.

    වැඩසටහ සංවිධාන කළේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යි.  ‍සිවිල් වැසියන් විසින් කරනු ලබන උද්ඝෝෂණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය මෙහි ඇතුළත්. ශ්‍රී ලංකා පොලීසිය, යුද ගුවන් නාවික සහ කැරලි මර්දන කණ්ඩායම් සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කටයුතු කළ යුතු ආකාරය ද මාර් ගෝපදේශයට ඇතුළත්.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි රෝහිණි මාරසිංහ මහත්මිය විසින් මාර් ගෝපදේශයට අමුත්තන් වෙත පිළිගන්වනු ලැබුවා. මේ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරුජයසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News