එහෙත් මේ ආගන්තුකයින් පිරිස නැවත පිටත්ව යන්නේ, තමන් පිළිබඳ තොරතුරු රැසක් අපට ලබා දී බව ඔවුන් දන්නේ නැ. ඔබ බලනවා ඇති මේ කවුද කියලා. අදට යෙදී ඇති ලෝක සංක්‍රමණික පක්ෂි දිනයට සමගාමීවයි, අපි මේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ.
ලෝකයේ උතුරු ප්‍රදේශවල සිට එම රටවල සීත කාලගුණය එළඹීමත් සමග සමකය ආසන්නයේ පිහිටි රටවලට පක්ෂීන් පැමිණීම වාර්ෂිකව සිදු වනවා. රටවල් 30 ක පමණ සිට එම සතුන් උණුසුම් කාලගුණයක් පවතින ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ, ආහාර සහ නවාතැන් පහසුකම් සපයා ගැනීමේ අරමුණින්.
ගොඩබිම් මාර්ග ඔස්සේ රටවල් 9 ක් මහාද්වීප දෙකක් හා ප්‍රධාන නගර 25 ක් හරහා වසරකට දෙවරක් මෙම පක්ෂීනන් මේ ආකාරයෙන් ගමනේ නිරත වනවා. එක් ගමන් වාරයකට කිලෝ මීටර 8,000 සිට 12,000 පමණ දක්වා වූ ගමන් මාර්ගයක් ඇතුළත්. මේ සඳහා මාසයක පමණ කාලයක් ගත වනවා.
මෙම ක්‍රියාවලියේ නිරත පක්ෂීන් හඳුනා ගැනීම සහ තොරතුරු ලබා ගැනීම සඳහා පක්ෂීමන්ට මුදු පැළඳවීම සාමාන්‍ය ක්‍රියාවලියයි. ඒ සඳහා රාජ්‍ය අනුමැතිය හිමිව ඇති සංවිධාන ලෝකයේ බොහෝ රටවල දැකගත හැකියි.
කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායම, 2020 වසරේ අප්‍රේල් මාසයේ දී දකුණු ආසියාවේ පළමු වරට චන්ද්‍රිකා කේත සංචාරක පක්ෂීන්ගේ ශරීරයට සම්බන්ධ කිරීම සිදු කළා.
මෙම ව්‍යාපෘතිය යටතේ අමෙරිකානු ඩොලර් 2,000 ක් පමණ වටිනා මෙම මෙවලම පක්ෂීන්ගේ ශරීරයට සම්බන්ධ කිරීම සිදුකෙරුණේ, මන්නාරම, කොළඹ සහ බූන්දල යන සංචාරක කලාපවලදී. මෙමගින් සෑම මොහොතකම පක්ෂීන් ගමන් කරන පියාසැරි උස, නවාතැන් ස්ථාන හා තවත් තොරතුර රැසක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වුණා.
මෙම දත්ත මගින් ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තරව ගුවන් මාර්ග සිතියම් ගත කිරීම, ගෝලීය පරිසර සංරක්ෂරණ ක්‍රියාවලිය, ලෝකයේ සුවිශේෂි පරිසර කලාප පිහිටා ඇති අප රටේ මෙන්ම, ගෝලීයව පරිසර සංරක්ෂ ණයට වැදගත් දත්ත රාශියක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා. වෙරළ සංරක්ෂතණයට හා කළමනාකරණ කාර්යයට මෙන්ම සතුන් මගින් බෝවිය හැකි රෝග හඳුනා ගැනීම සහ ඕනෑම රටක් තුළ සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙම ක්‍රමය වැදගත් කාර්ය භාරයක් ඉටු කිරීමට සමත්ව තිබෙනවා.