ඉන්දියානු ණය යෝජනා ක්‍රමය තවත් වසරක් ඉදිරියට

මැයි 30, 2023

    ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය තවත් වසරක් දීර්*ඝ කර තිබෙනවා.

    එම ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේදී අද (30) සිදු කෙරුණා.  අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1,000 ක ණය ආධාරයක් ලබාදී තිබුණා. පසුගිය වසරේ මාර්*තු 17 වැනිදා සිට වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වූ මෙම ගිවිසුම ප්‍රකාරව වෙන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන දහසෙන් මේ වන විට ඩොලර් මිලියන 576.75 කට අදාළව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, ඉදිරි වසර තුළ මෙම ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු අදාළ භාණ්ඩ ආනයනයට පියවර ගන්නා බවයි.

    Latest News