ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී. සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් අංශය නියෝජනය කරමින්, ඉහළ නිලධාරීන් පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. ඩොලරයේ අගය රුපියල් 190 සිට රුපියල් 370 දක්වා විචල්‍ය වූ පරාසය තුළ, ඖෂධ මිල බොහෝ සෙයින් ඉහළ ගියා.
මේ වනවිට ඩොලරය සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය අඩුවෙමින් පවතිනවා. එම අඩු වීමට සාපේක්ෂව, 15% කින් පමණ ප්‍රමාණයකින් අවම වශයෙන් ඖෂධවල මිල අඩුවිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් මෙරට ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව, ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.