උතුරා ගිය සෙනෙහසින්, වන අලි මව, අනතුරට පත් පැටවා අතහැර නොයයි

මාර් 24, 2019

    ත්‍රිකුණාමලය-කොළම ප්‍රධාන මාර්ගයේ යකාවංගුව ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටීමෙන් අලි පැටවෙකු අද උදේ අනතුරකට ලක්වුණා.

    අසීමිත වූ මව් සෙනෙහසින් පැටවා අතහැර නොගිය මව, තම පැටවා රැගෙන යාමට උත්සහ කළ අයුරු ඒ අසලම රැඳී සිටි ජනයාගේ නෙතට කඳුලක් එක් කළා. පැටවාට ප්‍රතිකාර කිරීමට පැමිණි වනජිවි නිලධාරින්ට අලි මව නිසා බාධා එල්ල වුණා.

    මාස 8ක් වයසැති අලි පැටවාගේ ඉදිරි පාදයේ අස්ථි බිඳී ගිහින්. අනතුරුව ඇතින්න නිර්වින්දනය කොට පැටවා රැගෙන ප්‍රතිකාර කිරීමට ගිරිතලේ වනජිවි රෝහලේ පශු වෛද්‍ය කණ්ඩායම කටයුතු කළා.

    ගල්ඔය පොලිසිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ට ඊට සහය ලබාදුන් බව අප වාර්තාකරු කියා සිටියා.

    Latest News