ඉරාන යාත්‍රාවේ තිබී හොරොයින් කිලෝ 107ක් අල්ලයි

මාර් 24, 2019

    ශ්‍රී ලංකාවට ආසන්න ගැඹුරු මුහුදේ දී අද උදේ අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ 107ක් සොයා ගෙන තිබේ.

    හෙරොයින් තොගය පාර්සල් 99ක අසුරා තිබූ බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් වි‍ශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව වැටලීම සිදු කළේය. සැක කටයුතු යාත්‍රාව ගාල්ල අකුරළ සිට නාවික සැතපුම් 10ක් ඈත ගැඹුරු මුහුදේදී අද උදේ අත්අඩංගුවට ගෙන තිබේ.

    එහි සිටි ඉරාන ජාතිකයන් 9 දෙනා ධීවරයන් බවට ප්‍රකාශ කළ ද, ඒ බව සනාථ කිරීමට කිසිදු සාක්‍ෂියක් තිබී නැත. යාත්‍රාව මීට දින 14කට පෙර ඉරානයේ කොනාක් වරායෙන් ගමන් ආරම්භ කර තිබේ. දින 15කට ප්‍රමාණවත් වියළි ආහාර හා ජලය, සැටලයිට් දුරකථනයක් සහ ජංගම දුරකතන 9ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.

    Latest News