ප්‍රංශයෙන්, මෙරට විද්‍යාර්ථයින්ට ශිෂ්‍යත්ව 100ක්  

ජූනි 16, 2023

    කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අපහසුතා ඇති සිසුන් 100 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමට ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමියන් ප්‍රධාන එරට ශ්‍රී  ලාංකිකයන් දායකත්වය ලබාදී තිබෙනවා.

    ඒ අනුව, එක් සිසුවෙකුට මාසිකව රුපියල් 5,000 බැගින් පිරිනැමෙනවා.  වසර 4 ක් සඳහා එම ශිෂ්‍යත්වය ඔවුන්ට හිමි වනු ඇති. සිසුන් 16 ,000 ක් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයේ, සිසුන් 400 කට පමණ කඩිනම් සහන අවශ්‍ය බව, උපකුලපතිවරයා සඳහන් කරනවා. මේ සඳහා ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවීමටයි, පියවර ගෙන ඇත්තේ. ඔවුන්ට උපකාර කිරීමට විවිධ පාර්ශ්ව දැනටමත් ඉදිරිපත්ව සිටිනවා. සරසවියෙන් බිහි වූ දෙස් විදෙස් ලොව ජයගත් විද්‍යාර්ථයින්ට සෘජුවම මීට දායකත්වය ලබා දිය හැකියි.

    Latest News