දීඝවාපිය සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට දායක වීමට ඔබටත් අවස්ථාව

ජූනි 17, 2023

    දීඝවාපිය සහ නීලගිරි සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධ සමාලෝචන රැස්වීමක් අරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා.

    ඒ, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ‍ පුරාණ ස්ථූප ශිල්පීන් භාවිත කළ පරිදි ස්ථූප ඉදිකිරීම් සඳහා නිශ්චිත සම්මත ගඩොල් නිෂ්පාදනය සහ ව්‍යුහය පවත්වා ගැනීම සඳහා නිශ්චිත බදාම තෝරා ගැනීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. දීඝවාපිය රජමහා විහාර පරිශ්‍රය තුළ යෝජිත විශ්‍රාම ශාලා, බුද්ධ මන්දිරය සහ ධාතු මන්දිරයේ ඉදිකිරීම් පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

    චෛත්‍යයේ ඇස්තමේන්තු ගත උස අඩි 268 ක්. මේ වන විට එහි බිම් මට්ටමේ සිට ගර්භය දක්වා කොටස, අඩි 57 ක උසකට වැඩ නිම කර අවසන්. ඒ සඳහා පරිත්‍යාග සිදු කිරීමට www.deegawapiya.lk යන දීඝවාපිය වෙබ් අඩවියෙන් විස්තර ලබා ගත හැකියි. නීලගිරි මහා සෑය ද බිම් මට්ටමේ සිට අඩි 41 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ අදාළ රාජ්‍ය ආයතනවල අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාත්මකයි.

    Latest News