“ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත - 2048” ජනාධිපතිට

ජූනි 17, 2023

    “ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත - 2048” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම, ඊයේ සිදු කෙරුණා.

    ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කෙටුම්පත, ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සියලුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ ඊට අදාළ අනෙකුත් ආයතනවල ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ඇතුළත් කර, මෙම කෙටුම්පත සකස් කර තිබෙනවා.

    අනතුරුව, එය අන්තර් අමාත්‍යාංශ ලෙකම්වරුන්ගේ කමිටුව විසින් නිදේශ කර, ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් යුත්, ජාතික භෞතික සැලසුම් සභාවේ අනුමැතිය සඳහා මෙලෙස ඉදිරිපත් කෙරුණා. ජාතික භෞතික සැලසුම්කරණ සභාවේ සාමාජිකත්වය දරන අමාත්‍යවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News