සැකකරු අත්අඩංගුවට ගිය අවස්ථාවේ පොලීසියට වෙඩි තැබීමට උත්සහ දරා ඇති බවයි වාර්තා වන්නේ. අපරාධ රැසකට සම්බන්ධ ඔහු සැඟව සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ පොලිස් ප්‍රති ප්‍රහාරවලින් සැකකරුට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ. මොහු මනුෂ්‍ය ඝාතන දෙකකට සම්බන්ධ බව පොලීසිය පවසනවා.