ඇල්පිටියට නව කාර්මික ජනපදයක් ‍

ජූනි 27, 2023

    ඇල්පිටිය - ගොළුවාමුල්ල ප්‍රදේශයේ අක්කර 72 ක වපසරියකින් යුත් ප්‍රදේශයක, යෝජිත කාර්මික ජනපදය සඳහා ඊයේ මුල් ගල තැබුණා.

    ඒ, අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත ශාලා 6 කට අදාළ නාම පුවරු නිරාවරණය කෙරුණා. මෙම කර්මාන්තපුරයේ නිෂ්පාදන, විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරමින් සිදු කෙරෙන අතර, ඉන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ ආදායමක් ලබා ගැනීම ඉලක්කය යි.

    මෙහි කෘෂිකාර්මික නිෂ්පාදන පිළිබඳ කර්මාන්ත ශාලා ද ආරම්භ කිරීමට නියමිතයි. ඍජු රැකියා 3,000 ක් පමණ ලබා දීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණක් බවයි , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසන්නේ. කර්මාන්ත පුරයේ නිෂ්පාදන ආරම්භ කරන නිෂ්පාදකවරුන්ට අවශ්‍ය අවසර සහිත හිමිකම් සහතිකයක් ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

    Latest News