කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ, එන්කාසියා ගෟඩලෝෆි යනුවෙන් එම පරපෝෂිතයා හඳුන්වන බවයි. පරිසර හිතකාමී මෙම ක්‍රමවේදය ජෛව විද්‍යාත්මක විසඳුමක් වනවා. 2019 වසරේ සිට මෙරට පොල්, පළතුරු හා එළවළු වගාවන්ට සුදුමැස්සාගේ බරපතල හානි සිදුව තිබෙනවා.
එම හානිය එන්කාසියා ගෟඩලෝෆි පරපෝෂිතයා යොදා ගනිමින් පාලනය කළ හැකි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම නව පර්පෝෂිතයා හඳුනා ගනු ලැබුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥ අතිරේක අධ්යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහතා විසින්.
කොළඹ, කළුතර, ගම්පහ, මඩකලපුව සහ හලාවත යන ප්‍රදේශවල සිදු කළ අත්හදාබැලීම් සාර්ථකව වී තිබෙනවා. එමගින් තහවුරු වී ඇත්තේ පොල් වගාව ආශ්‍රිතව පැවති සුදු මැස්සන් ගහනය 95%ක සිට 5% දක්වා අවම වී ඇති බවයි. මෙම පරපෝෂිතයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනාගාර තුළ ගුණනය කිරීමෙන් පසු ගොවීන්ට නොමිලයේ ලබාදීමට නියමිතයි.