ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්‍යාපෘතිය සඳහා සිනෝපෙක් ආයතනය ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් සිදු කර තිබෙනවා. ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවත්වාගෙන යන පෞද්ගලික ඉන්ධන අලෙවි සැල් 150 ක් මේ යටතේ එම සමාගමට පැවරෙනවා. මීට අමතරව නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ස්ථාපනය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ප්‍රකාරව සිනෝපෙක් එනර්ජි ලංකා ආයතනයේ අධීක්ෂණය යටතේ වසර 20 ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසුමෙන් ඉඩ සැලසෙනවා.