ඖෂධ පිළිබඳ විනිවද භාවයක් අවශ්‍යයි - ජනපති පවසයි

ජූලි 14, 2023

    ජනතාවට ඖෂධ ලබා ගැනීමේ දී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

    මෙරට සියලු ඖෂධ පිළිබඳ විනිවද භාවයක් අවශ්‍ය බව, ජනාධිපතිවරයා සඳහන් කළේ, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේ දී.  සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවත්වාගෙන යන විශේෂ වෙබ් අඩවියක් මගින් සෑම රෝහලක්ම සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබා ගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතු බවයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේ.

    මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ‍ඖෂධ හුවමාරු කර ගැනීමට ද අවස්ථාව වුදා වේ. රට තුළ මතුව ඇති ඖෂධ හිගය වහාම පියවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනයට අදාළ යෝජනාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් දුන්නා. පවතින ක්‍රියාපටිපාටිය මත ඇතිව ඇති ඖෂධ හිගය වළක්වා ගැනීමට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය අනුමත කර ඇති ඖෂධවලට මෙරට යළි සිදු කරන අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසද සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දුන්නා

    Latest News