ඩුබායි සැගව සිටින කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් අල්ලයි

මාර් 26, 2019

    කෙසෙල්වත්තේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු වන මොහොමඩ් ෂෙර්ක් මෙහොමඩ් ඉර්ෆාන් (21) හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 200ක් සමග කෙසෙල්වත්තේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්. මොහු ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුක යන අයගේ සමීපතම ගෝලයෙකු බවට අනාවරණය වී තිබේ. සැකකරු අද දින (26) මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 26 මාර්තු 2019 07:33

    Latest News